Colombo Today Local News

හිරුණිකාට, රංජන්ට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වාගෙන් අභියොගයක් !

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක මහතාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෝනෝ සිල්වා මහතා අභියෝග කරයි.

තම කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

ජනතා ඡන්දයෙන් තේරී පත්වී ජනතා ප්‍රශ්න පසෙලකා අශෝභන ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙමින් සිදුකළ ප්‍රකාශ දැඩි පිළිකුළෙන් යුතුව බැහැර කරන බවද රොනෝ සිල්වා මහතා ප්‍රකාශ කරයි.

කාඩ්බෝඩ් වීරයන් ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කිරීමෙන් වැළකී හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ කරන ලෙස ඔහු මන්ත්‍රීවරුන් දෙපළට අභියෝග කරයි.

කිසිඳු සොයා බැලීමකින් තොරව  එම සාවද්‍ය ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය නාලිකා වලට එරෙහිව තම කීර්තිනාමයට සිදුකළ හානිය සඳහා රුපියල් බිලියනක වන්දි ඉල්ලා මේ වන විටත් එන්තරවාසි යොමුකළ බවද රොනෝ සිල්වා මහතා ප්‍රකාශ කරයි.

“කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සාවද්‍ය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි. හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසත් එලෙස ප්‍රකාශ නිකුත් කළ සැණින් තම කීර්තිනායමට සිදුකරන හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණදී බිලියන ගණනක වන්දියක් ගෙවීමට සූදානම් වන ලෙසත් අභියෝග කරනවා” යැයි ඔහු සඳහන් කරයි.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක් වතුර නැහැ..

colombotoday

කුරුණෑගල නගරාධිපතිගෙන් තවත් මොට්ට වැඩක්: රජ පීල්ල උද්‍යානයේ පෞරාණික මණ්ඩපය සහ වෘක්ෂ 32ක් බිල්ලට ගනියි.

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

රිෂාඩ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

colombotoday

අභ්‍යන්තර පරීක්ෂණයකට තමිල්ණාඩුව විරුද්ධයි, කෝටියක් එක්ක පාරට බහිනවා

colombotoday