Colombo Today Local News

හිරු හා දෙරණට රජයේ දැන්වීම් ලබා දීම අත්හිටුවීමට මංගලගනේ යෝජනාවක්…

පසුගිය කාලයේ පක්ෂපාතී වූ බවට එජාපයේ විවේචන පැනනැගුණ හිරු හා දෙරණ නාලිකාවලට රජයේ දැන්වීම්දීම අත්හිටුවීමට යෝජනාවක් කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර සාකච්ඡාවට භාජනය වී තිබේ.


අගමැතිවරයා ලෙස නැවත රනිල් වික්‍රමසිංහ පත්වූ පසු සිදු කළ පළමු පාර්ලිමේන්තු කථාවේදීද මාධ්‍ය වෙත චෝදනා ඉදිරිපත් කළ අතර කළු මාධ්‍ය  යනුවෙන් ඇතැම් මාධ්‍ය නම් කරන ලද ඔහු පක්ෂපාතී පුද්ගලික මාධ්‍ය ගැන ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක්ද අරඹන බව කීවේය.

ඊයේ (01) පැවැති පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේදී මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පක්ෂව සජිත් ප්‍රේමදාස හා කබීර් හෂීම් යන අමාත්‍යවරු අදහස් ඉදිරිපත් කළ බවත් මුලින්ම සංවර්ධන ලොතරැයි හා ජාතික ලොතරැයි මණ්ඩලවල දැන්වීම් ලබාදීම අත්හිටුවීම කළ යුතු බවත් යෝජනා වී ඇත. 

Related posts

මැතිවරණ ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට විශේෂ කාරක සභාවක්

colombotoday

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි..

colombotoday

“එදා වගේම අදත් මම කන්නෙ ග්‍රාම සේවක කාපු විදිහටයි” – ජනපති

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සොයා ගනී

colombotoday

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

colombotoday

වැඩක් නෑ… රහක් නෑ… කණගාටුව පමණයි – එජාප ප්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා කියන කතාව

colombotoday