Colombo Today Local News

හිජාස් හිස්බුල්ලා – මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්දැමේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වන දා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එම පෙත්සම අද (16)දින එල්. ටී. බී. දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරේරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දන්වා සිටියේ, අත්අඩංගුවේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට අදාළ නඩු කටයුත්ත අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවය.

අද දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තම සේවාදායකයා සම්බන්ධයෙන් ඉදිරිපත් වන කරුණු සලකා බලා මෙම පෙත්සම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම ලබන 23 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

Related posts

ස්ථාන හයක පිපිරීම්… මරණ 50 ඉක්මවයි…

colombotoday

මීනගයා පීල පනී…. මාරක අනතුරක් නූලෙන් වැළකෙයි !

colombotoday

ගෝඨාට එල්ලවෙන මංගලගේ මඩ

colombotoday

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

Admin

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

colombotoday