Colombo Today Local News

හයිය පෙන්වු VIP රැකවලුන් ගැන විමර්ශන අරඹන්න CCDයට නියෝගයක්

කොළඹ-නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට ප්‍රභූ රථ ලෙස සැළකෙන ජීප් රථයකින් සහ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ සිදු කළ පහර දීම සම්බන්ධව විමර්ශන ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇත.

ඊයේ (18) ප්‍රාඩෝ වර්ගයේ සුදු පැහැති ජිප් රථයක් සහ ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කළ බව වෑන් රථයේ රියදුරු පැවසීය.

තම වෑන් රථයට පිටුපසින් පැමිණි අදාල ජිප් රථ දෙක ප්‍රභූ රථ ලෙස අගවමින් වේගයෙන් පැමිණ තම වෑන් රථයට අවහිර වන ලෙස නවතා පහරදීම සිදු කර ඇති බව ඔහු පැවසීය.

ඩිෆෙන්ඩර් රථයේ පැමිණි පිරිස ප්‍රභූ ආරක්ෂක ඇඳුමකට සමාන ඇදුමකින් සැරසී සිට ඇති අතර ප්‍රාඩෝ රථයේ පසුපස අසුනේ පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කරමින් සිටි බව වෑන් රථයේ රියදුරු පැවසීය.

සුදු පැහැති ප්‍රාඩෝ රථයේ අංකය ඩබ්ලිව්.පී. සී.ඒ.ජී 0550 වන අතර සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයෙහි අංකය ඩබ්ලිව්.පී.සී.ඒ.ඩී 8850 බවට හඳුනාගෙන ඇත.

ඩබ්ලිව්.පී. සී.ඒ.ජී 0550 දරණ ප්‍රාඩෝ ජිප් රථය අංක 37, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග නමැත්තෙකුට අයත් බවට අද දෙරණ කළ විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට හැකි වුණි.

ඩබ්ලිව්.පී.සී.ඒ.ඩී 8850 සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය අංක 34, ගාල්ලේගම, ඉංගිරිය යන ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග නමැත්තෙකුට අයත් බවට අනාවරණය කර ගැණුනි.

Related posts

ඇල්පිටියේ වෙළඳසැලක් ගින්නකින් විනාශයි

Admin

කාති උසාවිය අහෝසි කරන්න- විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්ට්‍රාර් ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.

colombotoday

අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක අනතුරකින් 60 දෙනෙක් මියයයි

Admin

බෝම්බ ප්‍රහාරයට වීඩියෝවකින් සතුට පලකළ වව්නියාවේ මව්ලවි අරාබි රටක දේශපාලන රැකවරණ ඉල්ලයි…

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

colombotoday

උපාධියක් අරන් ගෝඨා 2020 ජනාධිපතිවරණයට !!

colombotoday