Colombo Today Local News

හමුදා කදවුරු නිරීක්ෂණයට එක්සත් ජාතීන් අවසර ඉල්ලයි…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ක_රත්වය හා වදහිංසා පිළිබඳ නිරීක්ෂණ කමිටු සාමාජිකයන් මෙරට ආරක්ෂක කඳවුරු ගණනාවක් නිරීක්ෂණයට අවසර ඉල්ලා ඇත. විශේෂයෙන් උතුරේ දැනට පවත්වාගෙන යන රුඳවුම් කඳවුරු 4ක් නිරීක්ෂණයට අවශ්‍ය බව ඔවුහු රජයට දන්වා තිබුණි.

එ‍හෙත් යුද හමුදාව හා නාවික හමුදාව විසින් පවත්වාගෙන යන මෙම කඳවුරු පරීක්ෂාවට ඉඩදීමට තමන් විරුද්ධ බව එකී හමුදාවල හමුදාපතීන් ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දුන් බව හමුදා ආරංචිමාර්ග කියයි.

එනිසා විශේෂිත හේතු මත සිද්ධියෙන් සිද්ධිය වෙනම ගෙන එ.ජා. කමිටුවේ ඉල්ලීම ඉටුකළ හැකිද යන්න ගැන තීන්දු ගැනීමට රජය තීරණය කර ඇත.

ක_රත්වය හා වදහිංසා පිළිබඳ විශේෂඥයකු බව කියන ආර්මෙන් ඇවස්ටියන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නිරීක්ෂණ කමිටුව ලංකාවට පැමිණ ඇත්තේ රජය සමඟ අත්සන් කළ ගිවිසුමක් අනුව බවද වාර්තා වෙයි.

Related posts

ගල්අඟුරු රැගත් නෞකාවක් දිවයිනට

Admin

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි

colombotoday

කිලිනොච්චියෙන් කොටි බෝම්බ තොගයක් හමුවෙයි

colombotoday

ආණ්ඩුව පෙරළා දමනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

colombotoday

LTTE මිලේච්ඡත්වය ගැන මෙතෙක් ලොවට හෙළි නොවුණු කතාවක් !

colombotoday