හම්බන්තොට ජාත්‍යන්තර වරායේ මේ වසරේ සිදුකළ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයන කිරීමේ කටයුතු පසුගිය 01 වනදා සිට 05 වනදා වූ කාලය තළදී සිදුකර ඇතිබව වරාය කළමනාකාරිත්වය පවසා සිටි.
මෙම කාලය තුළදී වාහන 14311 ක ප්‍රමාණයක් ප්‍රති ආනනය, අපනයනය කිරීමේ කටයුතු සිදුකර ඇති අතර මේ සඳහා නෞකා 05 ක් මුම්බායි, චෙන්නායි සහ සිංගප්පුරුව සිට පැමිණ තිබේ .
මුම්බායි සිට පැමිණි COSCO TENGFEL නෞකාව මගින් වාහන 1337ක්, HOEGH TRADER නෞකාව වාහන 1055ක්, GLOVISCORANA නෞකාව වාහන 5896 ක් , සිංගප්පුරුවේ සිට පැමිණි LEO LEADER නෞකාව වාහන 1462 ක් මෙන්ම චෙන්නායි සිට පැමිණි GRAND SAPPHIRE නෞකාව වාහන 3561 ක් ද මෙසේ ප්‍රතිඅපනයනය හා අපනයනය කර තිබේ.