Colombo Today Local News

හංවැල්ලලේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

හංවැල්ල, එලමලවල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (12)දින පස්වරුවේ ත්‍රිරෝදරථ රියදුරෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇතිබව පොලිසිය පැවසුවේය.

එහිදී තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 43 හැවිරිදි වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හංවැල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ජීවිත තුනකට ජීවය දී හදවත, වකුගඩු පූජාකර මෙලොවින් සමුගත් ප්‍රදීප්ගේ කතාව !

colombotoday

අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විධායකය අහෝසි කළ යුතුයි

colombotoday

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ආණ්ඩුවට එරෙහිනම්, ජවිපෙ සාමාජිකයන් උද්ඝෝෂණ කළ යුත්තේ ජවිපෙ මූලස්ථානය ඉදිරිපිටයි…

colombotoday

මොහු දුටුවොත් පොලිසියට කියන්න

Admin

බ්‍රිතාන්‍ය සතු සිංහල පුස්කොළපොත් අත්පිටපත් ඩිජිටල්කරණය කෙරේ

Admin