Articles

සෞදියේ කුමරුනි…

saudi pr

සෞදියේ කුමරුනි….
පළමු ගල ගසාපන්න
බොරු සහතිකවත් හදා – තොපට වහලුන් සපයන
තුන්වැනි ලෝකයේ – වහල් වෙළෙඳුන්ට
දෙවන ගල ගසාපන්න
ගැහැණුන් පිටට පටවා – විදේශ විනිමය උපයන
තුන්වැනි ලෝකයේ – අම්ම මෝ නැති රටවලට
තෙවන ගල ගසාපන්න
ඔබව මරුවන් බවට පත් කළ – මිනිසත් බවින් දුරු කළ
මිහිපිට අපායේ – යුක්තියක් නැති නීතියට
ශුද්ධ වූ දෙවියන් ට
ගරහන්න අයිතියක් නෑ මට
ඒ වුණත් කුමරුනි,
නීතිය දුන්නෙ ‘උහු‘ නම්…
අන්තිම ගලෙන් අහගන්න
වැදිය යුතු තැන හරියට…
ප්‍රේමය වරදකට බැර කර
නොරටක දුගී ගැහැනිට
ගහන ගල් කැට එකක් ගානෙම
සාප වේවා… තොපට සදහට…!
– සුරේඛා සමරසේන

Related posts

පනස්හයේ තේමිස් දරුවෝ

colombotoday

වනජීවීන් පන්නල හරි මිනිසුන්ට ජීවත්වෙන්න තැනක් හදල දෙන්න ඕන.| විමලවීර වනජීවින් හා මහාවංසය. – නලින්ද සිල්වා

colombotoday

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

colombotoday

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday

“ඔළුවේ මෝටාර් කෑල්ලක්‌ නිල ඇඳුමේ රණශූර පදක්‌කමක්‌ තියාගෙන මං එල්ලුම් ගහ දිහා බලාගෙන ඉන්නවා” රණවිරු සුනිල් රත්නායක

colombotoday

වොෂින්ටන් ගිවිසුම හා ව්‍යවස්ථා මර උගුලේ දිග පළල

colombotoday