Covid 19

සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෙක්ටත් කොරෝනා ආසාදනය වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෙක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව තහවුරු කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන සේවකයෙක්, මේ මාළු මාකට් එකට යෑම සම්බන්ධයෙන් සැකේට ඒ අවදානම ගැන සළකා බලලා පීසීආර් පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් හැටියට ඒක පොසිටිව් කියලා වාර්තා වුණා. ඒ අනුව ඒ පුද්ගලයාගෙන් ගත් තොරතුරු හා ඒ ආශ්‍රියෙන් මේ කාර්යාලයේ ඒ ඒ අංශවලින් ලබා ගත් තොරතුරු පදනම් කරගනිමින් අපි විශේෂ අවධානම පිළිබඳ අධ්‍යයනයක් කරලා. ඒ ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයා අපි මේ වන විට රෝහල් ගත කරලා තියෙනවා. ඉතිරි අයව අපි නිරෝධායනයට ලක්කරලා තියෙනවා. සමහර විට මේ අදාළ විශේෂ අංශය විතරක් දින කිහිපයකට වසා තබන්න සිද්ධ වෙයි. නමුත් එකෙන් එදිනෙදා කටයුතුවලට බාධා වෙනවා නම්, අපි වෙනම ස්ථානයක ඒ කටයුත්ත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනෙකුත් රාජකාරී ඒ ආකාරයෙන්ම කරගෙන යනවා.”

Related posts

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

colombotoday

රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේදයක්

colombotoday

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු – ගැබිණි කාන්තාවකුත් ඒ අතර

colombotoday

ඇතිමලේ පොලිසියේ තවත් 30කට කොරෝනා

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 118ක්

colombotoday

දැනට නව ආසාදිතයින් 3,588ක්

colombotoday