Colombo Today Local News

සේයා ඝාතනය කළේ කොණ්ඩයාගේ අයියාමයි, ප්‍රබල සාක්ෂි ලැබුණු බව පොලීසිය කියයි.

seyaමහත් ආන්දෝලනයට තුඩුදුන් කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ කොණ්‌ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත් නමැත්තා බවට තහවුරු වන ප්‍රබල සාක්‍ෂියක්‌ ලැබී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

සමන් ජයලත්ගේ ඩී. එන්. ඒ. වාර්තාව සහ සේයා දැරියගේ පියාගේ  ඩී. එන්. ඒ. වාර්තාව මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සේයා දැරියට අතවර කර ඇයට කෲර වධහිංසා පමුණුවා ඝාතනය කර එහි වරද තම සොහොයුරා වන කොණ්‌ඩයා පිට පවරා සමන් ජයලත් බේරී යැමට උත්සහ කළ බව මේ වන විට අනාවරණය වී ඇත.

විවිධ අපරාධ සම්බන්ධයෙන් සමන් ජයලත් නමැත්තා වසර 6 කට ආසන්න කාලයක්‌ බන්ධනාගාර ගතව සිටි අයෙකි. මොහු සේයා ඝාතනය සිය සොහොයුරා පිට පවරා පොලිසිය ද නොමග යවා තිබූ බවද හෙළිවී තිබේ.

සේයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ කොණ්‌ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත්ය.එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත කොණ්‌ඩයා ද අත්අඩංගුවට ගෙන තිබිණි.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යද්දී සේයා ඝාතනයට සමන් ජයලත්ගේ සම්බන්ධතාවක්‌ තිබෙන බවට සැක පහළ විය.සමන් ජයලත් ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා ඉදිරිපත් කළේ ඉන් පසුවය.

Related posts

චම්පිකට අගමැති වෙන්න ITN එක මට දෙන්න – ඇමති චම්පිකගේ ගෝලයා ITN වනසන ලකුණු

colombotoday

කටුනායක – චෙන්නායි අතර ගුවන්ගමන් තාවකාලිකව නවතී

Admin

සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කර අමානා බැංකුවේ මුදල් තැන්පත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය මුස්ලිම් ජනතාවට දැනුම් දීලා

colombotoday

කෝටි 10ක ස්වර්ණාභරණ මංකොල්ල කෑ සිව්දෙනා අත්අඩංගුවේ

colombotoday

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සහතික මිලක්

colombotoday