Colombo Today Local News

සුනාමි කලුවා – මීගොඩ චව්වා සහ බඩෝවිට වසා පොලිස් දැලේ

සපත්තුවක් තුළ සූක්ෂම ලෙස හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 90ක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලවාය ඌව කුඩාඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තෙලුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ලක්ෂ්මන් දුෂිත් කුමාර නොහොත් “සුනාමි කලුවා” නම් පුද්ගලයා බවට වාර්තා වේ.

පොලිස් අත්අඩංගුවට පත්වීමේ දී ඔහු සන්තකයේ තිබි හෙරොයින් සඟවා සූක්ෂම ලෙස ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් සපත්තු යුගලයක් මෙන්ම හෙරොයින් සඟවා ප්‍රවාහනය කිරීමට යොදාගත් ඔරලෝසුවක් සහ ජංගම දුරකථනයක් ද සොයාගෙන තිබේ.

සැකකරු අද (03)දින වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර, ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් ජාවාරමේ නිරතවු ‘”මීගොඩ චව්වා” නොහොත් චමින්ද රොහාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු පාදුක්ක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබි හොරොයින් පැකට් 240 ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එහි සම්පූර්ණ බර ග්‍රෑම් 19 ක්.

හෙරොයින් ජාවාරමට සම්බන්ධ “බඩෝවිට වසා” තැනැත්තා බඩෝවිට ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සමග ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday

ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි

colombotoday

විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 522කට කොරෝනා

colombotoday

කිලෝ 5කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

කංජිපානිගේ ගෝලයෙක් අයිස් ග්‍රෑම් 7ක් සමඟ වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

colombotoday