Colombo Today Local News

ස්වයං නිරෝධායනයෙන් තොරව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර

අද (21) දිනයේ සිට මෙරටින් පිටව යන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ස්වයං නිරෝධායනයට ලක්වීමකින් තොරව එක්සත් රාජධානියට ඇතුළු වීමේ අවස්ථාව හිමිව තිබේ.

ඒ එක්සත් රාජධානිය විසින් ස්වයං නිරෝධායනයෙන් තොරව සිය රටට ඇතුළු විය හැකි රාජ්‍යයන් ඇතුළත් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද එක්කිරීම හේතුවෙනි.

ඒ අනුව එරට වේලාවෙන් අද අලුයම හතරේ සිට ශ්‍රී ලාංකිකයින්ට ස්වයං නිරෝධායට ලක්වීමකින් තොරව එරටට ඇතුළු වීමේ අවස්ථාව පවතී.

ශ්‍රී ලංකාවට අමතරව එක්සත් රාජධානිය විසින් ඊශ්‍රායලය සහ උරුගුවේ යන රටවල් ද එංගලන්ත ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මීට අමතරව නැබීබියාව, රුවන්ඩාව, බොනයා ශාන්ත යුස්ටේටියස් සහ සාබා, උතුරු මරියානා, මෙන්ම එක්සත් ජනපද වර්ජින් දූපත්වලට සංචාරකයින්ට අද දිනයේ සිට එංගලන්තයට පැමිණිමේදී නිරෝධායන ක්‍රියාවලියකට ලක්වීමට අවශ්‍ය නොවනු ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම සතිය තුළ දී කිසිදු රටක් ආරක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බව බ්‍රිතාන්‍ය රජය පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

දේශයට නිදහස දුන් මානුෂීය මෙහෙයුමේ සත්‍ය කතාව සෙන්පති කමල් ගුණරත්න අද හෙළි කරයි

colombotoday

ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයි

Admin

මෙවර නිදහස් උළෙලේ වෙනස්කම් රැසක්… ජනපති හරසර, යුද්ධ උපකරණ ප්‍රදර්ශනය අඩු කරයි… ආබාධීත රණවිරුන් වෙහෙසට පත්කිරීමත් වළකයි…

colombotoday

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තවත් ගැසට් නිවේදනයක්

Admin

මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා

colombotoday