Colombo Today Local News

සයිටම් ප්‍රධානියා හොර දොස්තර කෙනෙක් – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා  වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී  ප්‍රසිද්ධියේ වෛද්‍යවරයකු ලෙස පෙනී  සිටින බව කියන සයිටම් ආයතනයේ  ප්‍රධාන  විධායක සමීර  රේණුක සේනාරත්න මහතාට  එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි  ඉල්ලමින්  සමස්ත ලංකා  වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය අද (22) පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්  ඉදිරිපත් කළේය.

සමස්ත ලංකා  වෛද්‍ය  නිලධාරින්ගේ සංගමය වෙනුවෙන්  ලේ්කම්  වෛද්‍ය  ජයන්ත බණ්ඩාර  මහතා  ජාතික සංවිධායක අසංග වික්‍රමසිංහ මහතා  පොලිස් මුලස්ථානයේ පෙනී සිටියහ.

ශ්‍රි ලංකා  වෛද්‍ය  සභාවේ  ලියාපදිංචි  නොවු  පුද්ගලයකු  බවත්  වෛද්‍යවරයකු  ලෙස පෙනී  සිටීම පවා  දඩුවම් ලැබිය හැකි  වරදක් බවත්  වෛද්‍ය  ජයන්ත බණ්ඩාර  මහතා  පැවසීය.

ශ්‍රී  ලංකා  වෛද්‍ය  සභාවෙන් අපි  මේ පිළිබඳව විමසීමක්  සිදු කළා. එහි දී වෛද්‍ය සභාවේ  ලේඛනාධිකාරිවරයා  අපිට  ලිපියක්  යොමු  කරමින් කියා සිටියේ මෙම පුද්ගලයා වෛද්‍ය සභාවේ ලියාපදිංචි  නොවු  පුද්ගලයකු  බව ඔහු කීවේය.

Related posts

ගිලන් රථ රියැදුරකුට පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ්

colombotoday

මේ වසර තුන මම හිටියේ කම්පාවෙන්… සොබා දහම පවා යහපාලන රජයට ආශිර්වාද කරේ නෑ…

colombotoday

සිරගත කළ ඥානසාර හිමියන් එදා හෙළි කළ ඇත්ත

colombotoday

රටම බලා සිටි ඉන්ධන මිළ සූත්තරේ මෙන්න…

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදාහරී

colombotoday

නිවසට ආ කොල්ලමරුවෝ ගෙහිමියා ව ඝාතනය කරලා

colombotoday