මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි මස දෙවැනි සතියේදී කොළඹ-07 ශ්රීමත් මාකස් ප්රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට නියමිත බවට වාර්තා වනවා.
කෙසේ වෙතත් තමන් විපක්ෂනායක ධූරයෙන් ඉවත් නොකළ බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා තවමත් විපක්ෂනායක කාර්යාලය පරිහරණය කරමින් එහි රැදී සිටින හෙයින් මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂනායකධූරයේ වැඩ කටයුතු කරගෙන යාම දැනට බාධාවක්ව ඇතැයිද පැවසේ.