7 April 2025
Colombo Today Local News

සමහර ඇමතිවරුන්ට අමාත්‍යාංශ සින්නකරවම ලියලා දීලා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

කුමන ආණ්ඩුව ආවත් අමාත්‍යංශ බෙදන විට සමහර අමාත්‍යංශ සින්නක්කරවම  ලියලා දීල තියෙනවා. එකම අමාත්‍යංශය එකම ඇමතිවරයා හැමදාම. මෙවැනි සමහර  ඇමතිවරු ජනතාවගේ ජිවිතත් සමග තමා මේ සෙල්ලම් කරන්නේ යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (05) සීගිරිය-මාගල්ලෙන ප්‍රදේශයේ දේශීය  ලොකු ලුණු ගොවින් මුහුණපා සිටින ගැටළු පිලිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය අමතා මෙසේ පැවසුවේය.

දේශීය ලොකු ලුණු ගොවියා බොහෝ ගැටළු මැද තම අස්වැන්න වෙළද පොලට රැගෙන විට ඉන්දියාවෙන් ලොකු ලුණු ගෙනල්ලා වෙළද පොලට දානවා. වෙළදපොලේ ලොකු ලූණු මිල පහත වැටෙනවා. දේශීය ගොවියා අසරණ වෙනවා. ඇතැම් අවස්තාවල රටේ සුපිරි වෙළදසැල් වල මිලටත් වඩා අඩු මිලකට ලොකු ලූණු අලෙවි කරනවා. එහෙම වෙන්නේ කොහොමද කියා ගැටලුව මතුවෙනවා.

ලුණු කන්ටේනර් වලින් එන්නේ මෝනවාද? ආණ්ඩුව වෙළඳ බදු පනවලා තියෙද්දී  ගෙන්වන මිලටත් වඩා අඩුවෙන් අලෙවි කරන්නේ කොහොමද කියන ගැටලුව තියෙනවා. ලූණු කන්ටේනර් වලින් ලුණු සමග එන්නේ මත්ද්‍රව්‍ය, ජනතාව සමග සාකච්චා කලවිටයි මේ තොරතුරු එන්නේ.

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලොකු ලූණු තොග ඍජුවම තමා දඹුල්ලට  එන්නේ.  දඹුල්ලේ ලොකු ලූණු වගා කරන ප්‍රදේශයටම ඉන්දියාවේ ලුණු කොහොමද එන්නේ. ඒ ගැටලුව අපිට තියෙනවා. එහෙම ගෙන්වන ලූණු තොග සියයට 50-60 ක් අඩුවෙන් වෙළඳ පොලේ අලෙවි කරනවා. ලූණු කන්ටේනරයේ අදායම ලබලා ඉවර. සන්තෝෂයට තමා මේ බිස්නස් එකක් විදිහට ලූණු ගෙන්වීම  කරන්නේ .

මාතලේ දිස්ත්‍රික්කයේ දෙශිය ලොකු ලුණු වගාව හෙටයර් 3000 ක් වගාකලා. එහෙම වගා කරපු දිස්ත්‍රික්කයේ ලූණු වගාව හෙක්ටයාර් 700ත් අඩුවෙලා. තව අවුරුද්දක් ගියානම් මාතලේ ලූණු වගාව සම්පුරණයෙන් විනාශවෙනවා. දේශීය ලූණු ගොවියාගේ ගැටලුවලට සවන්දුන් විට හරිම දුකක් දැනෙනවා. වේදනාවක් දැනෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ හෙකටයර් 700 ට අඩුවූ ලොකු ලූණු වගාව 2019 වසරේදී හෙකටයර් 1500-2000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. ඉදිරි දෙසතිය තුල ගොවීන්ගේ හා නිලධාරින්ගේ යෝජනා සැලකිල්ලට ගෙන වගා සැලැස්මක් හා අස්වනු අලෙවි කරගැනීමේ වැඩපිළිවෙලක්ද ඒ සමගම ඇතිකරනවා යයිද. මේ පිලිබදව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමුකරන බවද මෙහිදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ප්‍රසන්න පල්ලෙමුල්ල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ලොකු බීජ නිෂ්පාදකයින්, වගාකරුවන් රැසක් එක්ව සිටියහ.

Related posts

ඇඳිරි නීතිය කඩකළ 12ක් අත්අඩංගුවට

colombotoday

ඥානසාර හිමිගේ තීන්දුව සවස 2ට හෝමාගම මහාධිකරණයේදී

colombotoday

අද සිට සුරාසැල් විවෘත කෙරේ

colombotoday

හිටපු කොටි සැකකරුවන් ලබන 7 වනදාට පෙර නිදහස්

colombotoday

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday

‘අපි කිසිවක් බියගුළුකමින් දාල යන්නේ නැති වගකීම භාරගන්න සූදානම් මිනිස්සු.’

colombotoday