World

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

සමස්ත ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ හැට දෙක ඉක්මවා ගොස් තිබේ.

වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ තුන්දහසකට අධිකයි.

ලතින් අමෙරිකාවේ විශාලතම රාජ්‍යය වන බ්‍රසීලය වත්මන් ලෝකය පුරා ඉතා බිහිසුණු ලෙස පැතිර යමින්, කොවිඩ් වසංගතය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වූ රටවල් අතර සිව්වැනි ස්ථානයට පැමිණ තිබේ.

ඒ ප්‍රංශය අබිබවමින්.

බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 29,314 ක්.

ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් මරණ 480 ක් වාර්තා වී තිබුණි.

බ්‍රසීලයෙන් ආසාදිතයන් 514,849 ක් හඳුනා ගෙන තිබේ.

කෙසේ වෙතත් ආසාදිතයන් අතින් තවමත් පෙරමුණ ගෙන සිටින්නේ අමෙරිකාවයි.

එරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,837,170 ක්.

ගත වූ පැය 24 තුළ අලුතින් මරණ 638 ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 106,195 දක්වා ඉහළ දමමින්.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දශකයකට ආසන්න කාලයකට පසු අමෙරිකානු භූමියේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවුණු නාසා ගගනගාමීන් මේ වනවිට එහි කාර්යමණ්ඩලය සමග එක් වී තිබේ.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගැනීමෙන් පසු බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ පළමු වරට ඊයේ ප්‍රසිද්ධියේ පෙනී සිට තිබුණි.

වරෙක කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එය 38,489 ක්.

වෛරසය පැතිරයාම ආරම්භ වූ චීනයෙන් ඊයේ දිනයේදී අලුතින් හඳුනාගැනුනේ ආසාදිතයන් දෙදෙනකු පමණක් වීම විශේෂත්වයක්.

දකුණු ආසියාවේ වැඩිම බලපෑම් එල්ල වූ රට වන ඉන්දියාවෙන් ඊයේ දිනය තුලදී නව ආසාදිතයන් 8,782 ක් හඳුනා ගැනුණි.

එරට සමස්ත මරණ සංඛ්‍යාව 5,408 ක්.

Related posts

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

colombotoday

හූස්ටන් හි පිහිටි කොන්සියුලර් කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාවෙන් චීනයට නියෝගයක්

colombotoday

හයිටි රාජ්‍යට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන දහස ඉක්මවයි

colombotoday

මියගිය පුද්ගලයෙකු ප්‍රදර්ශනයට එල්ලා තබයි. – තලේබාන් යලිත් සුපුරුදු කෘරත්වයට

colombotoday

සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇමෙරිකාව වේගවත් කරයි

colombotoday