Colombo Today Local News

සනීපාරක්‍ෂක තුවා අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න. ආණ්ඩුවට පැන්න ඩයනා ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් වන බැවින් මෙන්ම විශේෂයෙන් එයට අයිති පාසල් වයසේ දැරියන් පිළිබඳව අවධානය යොමු කරමින් ‘සනීපාරක්‍ෂක තුවා’ අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරන ලෙස සමඟි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (24) දින පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියාය. රජය ‘සනීපාරක්‍ෂක තුවා’ සඳහා 15% ක වැට් බද්ධක් පැනවීමට කටයුතු කිරීම මෙම ඉල්ලාසිටීමට හේතුව බවට පත්විය.

ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.

“සනීපාරක්‍ෂක තුවාවලට 15% ක වැට් බද්දක් ගහලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් මේක අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා”

“මෙය මානුෂීය සහ සෞඛ්‍ය දෙයක් හැටියට මම කථා කළ යුතුමයි. මේ රටේ ජනගහණයෙන් සියයට 52 ක් කාන්තාවන් ඉන්නවා. ඒ කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් සහ මානුෂීය ප්‍රශ්නයක් වෙලා තියෙනවා”

“ජනගහණයෙන් සියයට 52 ක් කාන්තාවො. අනිත් එක අපේ දැරිවියො”

“මේ ප්‍රශ්නය නිසා පාසල් යන දැරිවියො සියයට 50 ක් පාසල්වලට යන්නෙ නෑ. ඒ නිසා මෙයට අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා”

“දූවරුන් සියයට 50 ක් හැම මාසයකම පාසල් යන්නේ නෑ. මුදල් ඇමතිතුමා අද මෙතන ඉන්නවා. මම හිතනවා එතුමා අවධානය යොමු කරයි කියලා” යැයි මන්ත්‍රීවරිය වැඩි දුරටත් පැවසුවාය.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව භාරදෙයි

colombotoday

1818 උඩරට කැරැල්ලේ සැබෑ නායකයන් වූ වෙල්ලස්සේ වීරයෝ

colombotoday

ජනපති කොමිසමේ හිටපු ලේකම් ඥානසාර හිමිගෙන් සමාව අයදියි !

colombotoday

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට විනිසුරු ඉලන්චේලියන් හරසර පුදයි

colombotoday

පොහොට්ටුවට ස්තුති කරමින් රනිල්ගෙන් දුක හිතෙන කතාවක්

Admin

පාප් තුමා කොළඹ තෙවැනි සහායක රදගුරු ලෙස ඇන්ටන් රංජිත් පිල්ලනායගම් පියතුමා පත් කරයි.

colombotoday