Colombo Today Local News

සන්නස්ගල නට්ටං වෙයි..? අලුත් තනතුරකට රනිල් අතහැර ජනපතිගේ ඔඩොක්කුවට පනියි..?

ranil my3 sannaඑක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක උපුල් ශාන්ත සන්නස්ගල මහතා මැතිවරණයෙන් පරාදවීමත් සමඟ මනාප පොරයේදී රනිල් වික්‍රමසිංහ මහතා තමාට අසාධාරණයක් සිදුකළ බවට විස්වාස කළමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකර අගමැතිවරයාගෙන් බටහිර රටක තනාපතිධූරයක් ඉල්ලා සිටි බව වාර්තා වූ අතර එය නොලැබීම නිසා මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා අතර පවතින ශීතල යුද්ධය භාවිතා කරමින් පිරිස් බලයෙන් පිරිහී සිටින ජනපතිවරයා දෙසට සේන්දු වෙමින් ජනපතිවරයා යටතේ පවතින ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් ධුරයේ වැඩභාරගෙන ඇතිබව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශපාලනයට පැමිණීමත් සමඟ තම උපකාරක පංති ව්‍යාපාරයෙන් සහ මුද්‍රණ ආයතනයෙන් බංකොලොත්වී ඇති සන්නස්ගල මහතා මුද්‍රණ ආයතනය විකුණා දැමීමට සිදුවීමත් උපකාරක පංති නුගේගොඩට පමණක් සීමා වීමත් හේතුවෙන් මුදල් අඟහිඟකම් මඟ හරවා ගැනීමට මෙසේ අගමැතිවරයා අතහැර ජනපතිවරයා දෙසට තල්ලුවි ඇතිබව විශ්ළේෂකයන් අනාවරණය කරයි.

Related posts

ටෙන්ඩර් නොමැතිව ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීමට කැබිනට් අනුමැතිය

Admin

ජනපති හදිසියේම කාලෝ හමුවෙයි !

colombotoday

අවම බලයෙන් එ.ජා.ප. මන්ත්‍රීන් මට්ටු කළා – මරික්කාර්ලාගේ කණ පලපු හැටි ලොකුගේ පැහැදිළි කරයි

colombotoday

කෝටි 40කට අධික වටිනා රත්තරන් රේගුවේදී අල්ලයි

Admin

අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ගුවන් හමුදාවේ ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

colombotoday