සදාකාලික සිපිරිගෙය හෝ අකල් මරණයකට තමා සූදානම් බව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව හෙළිදරව් කල නාමල් කුමාර විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඊයේ (13) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරවීම නීත්‍යානුකූල නොවන බවට තීන්දුව ලබාදීමෙන් අනතුරුවයි ඔහු මෙම සටහන පළ කර ඇත්තේ.
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාස 03ක කාලයක් පරීක්ෂණ සිදු කලද එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි සොයාගැනීමට පොලීසිය අපොහොසත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අද වාර්තා කලා.
නාමල් කුමාරගේ ෆේස්බුක් සටහන පහතින්.