Colombo Today Local News

සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහි අල්ලස් නඩුවකට සාක්කි දෙන්න රවීට සිතාසි

සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහිව අල්ලස් නඩුවකට අධිකරණය හමුවේ සාක්කි ලබා දීම සඳහා හිටපු වෙළෙඳ ඇමැති රවී කරුණානායක මහතාට ලබන නොවැම්බර් මස 16 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06) සිතාසි නිකුත් කළේය.

ආනයනික සුදු කැකුළු සහල් විකිණිමේ ක්‍රියාවලියේදී මිල දර්ශනයට පටහැනිව සහල් මෙට්‍රික්ටොන් දාහක් විකිණිමට නියම කර රුපියල් මිලියන 4 ක් රජයට පාඩු කළැයි මෙම නඩුව සතොස වැඩබැලු හිටපු සාමාන්‍යධිකාරී සුනිල් නිලේෂියස් විමල් පෙරේරා යන අයට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවක් සම්බන්ධයෙන් මෙසේ සිතාසි නිකුත් කර තිබේ.

මෙම සිද්ධියට අදාලව එවකට වෙළෙඳ ඇමැතිව හිටපු රවී කරුණානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඈන් වින්ද්‍යා ප්‍රනාන්දු යන අධිකරණය හමුවේ සාක්කි ලබා දුන්නාය .

Related posts

“සීමාව ඉක්මවා ඇදහීමෙන් භයානක ප්‍රතිඵල“ – ‘පූර්ව මුස්ලිම් ජාතිකයන්ගෙන්‘ විශේෂ පණිවිඩයක් !

colombotoday

සහල් ආනයනය කරන කාලය දිර්ඝ කෙරේ

Admin

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය යලිත් මහින්ද සරණ පතයි

colombotoday

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

colombotoday

කප්පම් ගන්න ගිය ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

දුම්රිය ස්ථාන 10ක් වැසෙයි – සේවකයන් 360කට කොවිඩ්

colombotoday