Colombo Today Local News

සති 2ක් තුළ සිදුකරන ලද වැටලීම්වල දී සැකකරුවන් හා වරෙන්තුකරුවන් 25000කට වැඩි පිරිසක් අත්අඩංගුවට

අපරාධ නිවාරණය සම්බන්ධයෙන් පොලීසිය විසින් දිවයින පුරා ගත වූ සති 2 තුළ සිදුකරන ලද වැටලීම්වල දී සැකකරුවන් හා වරෙන්තුකරුවන් 25000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ පසුගිය 06 වැනිදා සිට ඊයේ (20) මධ්‍යම රාත්‍රිය දක්වා දිවයිනේ පොලිස් ස්ථාන මගින් මෙම වැටලීම් සිදුකළ බවය.

එහිදී හෙරොයින්, ගංජා, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනා මත සැකකරුවන් 6,820 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ගිනි අවි හා ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනා මත සැකකරුවන් පනස් දෙදෙනෙකු, පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් 06 දෙනෙකු අදාළ කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 5,574 කු එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අදාළ කාලය තුළ වරෙන්තුකරුවන් 5110 දෙනෙකු සහ වෙනත් වැරදිවලට අදාළව සැකකරුවන් 8750 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

Related posts

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවෙන් අයතන ප්‍රධානීන්ට පණිවුඩයක්

Admin

හඩ පට ප්‍රචාරය කිරීම වාරණය කරන්නැයි රන්ජන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

colombotoday

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 161 අත්අඩංගුවේ

colombotoday

මහනුවර දිගන පොලව සෙලවේ

colombotoday

සිංහල කාන්තාවන් වඳ කිරීමේ කුමන්ත්‍රණය ඥානසාර හිමි හෙළි කරති.

colombotoday