Colombo Today Local News

සජිත්ගේ ගම්උදාවෙන් රූපවාහිනියට කෝටි 10ක පොල්ලක් !

හිටපු නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක කළ ගම් උදාව ආදර්ශ ගම්මාන වැඩසටහනේ පූර්ව ප්‍රචාරණ දැන්වීම් විකාශය කිරීම වෙනුවෙන් ජාතික රූපවාහිනියට ගෙවිය යුතුව ඇති රුපියල් කෝටි 10කට අධික මුදලක් නොගෙවා පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය ප්‍රකාශ කරයි.

අදාළ පූර්ව ප්‍රචාරණයන් පිළිබඳව විගණන කාර්යාලය සිදුකළ විගණන පරීක්ෂණයේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

ජාතික විගණන කාර්යාලයෙන් සිදුකර ඇති විමර්ශනයෙන් හෙළි වී ඇති ආකාරයට මෙලෙස ගම්උදාව ආදර්ශ ගම්මාන වෙනුවෙන් පළ කළ දැන්වීම් සඳහා ජාතික රූපවාහිනියට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය දසකෝටි තිස්අට ලක්ෂයකි.

එම මුදලින් ජාතික රූපවාහිනියට ගෙවා ඇත්තේ රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක් පමණි.

මෙම අක්‍රමිකතාව පිළිබඳව ජාතික විගණන කාර්යාලය ජාතික රූපවාහිනියේ සභාපතිවරයාගෙන් ලිපියක් මගින් විමසීමක් සිදුකර ඇත.

අදාළ මුදල් අයකර ගැනීම පිළිබඳ රූපවාහිනි සභාපතිවරයාගේ නිරීක්ෂණ 2019 දෙසැම්බර් 16 වැනි දින යොමුකළ ලිපියෙන් විමසා ඇත.

මෙම ලිපියෙන් අනාවරණය වන ආකාරයට අදාළ දැන්වීම් විකාශය සඳහා ජාතික රූපවාහිනිය අවිධිමත් ආකාරයෙන් එවකට නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සේම හිටපු නිවාස ඇමැති සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික ලේකම් සමරසිංහ යන අය දැන්වීම් පළකරන ලෙස නියෝග යොමු කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට අදාළ රුපියල් කෝටි 10ක මුදල ආපසු අය කරගැනීමේ ක්‍රමවේදයක් නොමැති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්තා සඳහන් කරයි.

aruna.lk

Related posts

‘අගමැතියි, ග්‍රාමසේවකයි දෙන්නම හොරු රකිනවා.. ජනතාවට කෙළවුනා‘ – රන්ජන් (Video)

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වෙයි

Admin

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල 300% කින් ඉහළට

colombotoday

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ සෝදිසි මෙහෙයුමක්

colombotoday

මත් ජාවාරම්කරුවන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නඩුවෙන් නිදහස

colombotoday

අසාම් අමීන්ගේ ස්වාධීන මාධ්‍යවේදී රෙද්ද ගැලවේ… BBCය සජිත්ට කැම්පේන් කල හැටි මෙන්න (Voice)

colombotoday