Colombo Today Local News

සජබ එක්ක සාකච්ඡා ඕනේ නෑ, එජාප මහලේකම් ධූරයෙන් ඉවත්වෙන්න සුදානම් – අකිල විරාජ් කියයි

එක්සත් ජාතික පක්ෂයේ දියුණුව වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් මහලේකම් ධුරයේ වෙනසක් අපේක්ෂා කළහොත් තමා සිය තනතුර අත්හැර යෑමට සූදානම් බව අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කෙසේ වෙතත් පක්ෂය පුළුල් ප්‍රතිසංවිධානයකට ලක්වීමේදී සියලු තනතුරුවල පූර්ණ වෙනසක් සිදුවිය යුතුය යන ස්ථාවරයේ තමා සිටින බවත් මහලේකම්වරයා කීය.

නමුත් තවමත් මහලේකම් ධුරය අත්හැරීමට මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් තමා මහලේකම් ධුරයෙන් ඉවත්වන බවට පළවන වාර්තා අසත්‍ය බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

මේ අතර, සමගි ජන බලවේගය සමග එක්වීම සඳහා සාකච්ඡා කිරීම නොකළ යුතු බව තම පෞද්ගලික අදහස බව ද ඔහු පවසනවා.

Related posts

මාලිමා දෙකොන පත්තු වෙන දේශබන්දු පොලිස් නාඩගම

colombotoday

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday

Breaking : දෙපිරිසක් අතර ගැටුමක්.. ගිංතොට නොසන්සුන් !

colombotoday

ජනතාව එන්නත ගැන අහද්දි දෙන්න උත්තර නෑ. කලාව කරගෙන හිටියානම් ඉවරයි. – ගීතා කුමාරසිංහ

colombotoday

“පිටරටින් හාල් ගෙනත් කෑමට සිදුවීම අපට අගෞරවයක්” – ජනපති

colombotoday

පොලිසියෙන් වෙඩි කා පැන ගිය වෙරන්තුකරුවෙක් අල්ලයි

Admin