Colombo Today Local News

සංවර්ධනයේ මුවාවෙන් ඓතිහාසික වටිනාකමින් යුත් නුග ගසක් කපයි…

මාතලේ නගරයේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඉදිරිපිට ඇති ඉපැරණි ඓතිහාසික වටිනාකමින් යුත් නුගගසේ අතු කපා දැමිම පිළිබදව දැඩි ලෙස විරෝධය පළ කරන බවත් එය හෙලා දකින බව මාතලේ දිස්ත්‍රික් පරිසර සංවිධානයේ කැදවුම්කරු ගැෆෙක් ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසුවේය.

වැඩිදුටත් අදහස් දැක්වු පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා කියා සිටියේ,

මෙය ලොකු ප්‍රශ්නයක්. මෙලෙස ගස් කපා ඉවත් කරන්නේ නම් ශාඛ සංකරක්ෂණ උපදේශයකුගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතුයි.දැනට ලංකාවේ උෂ්ණත්වය ඉහළ යනවා. මෙවැනි ගස් නගරයෙන් ඉවත් කිරිම සුදුසු නැහැ. මේ ගසේ කපා ඇති තැන්වලටත් ප්‍රතිකාර කළ යුතුයි. මීට පෙර මාතලේ නගරයේ තිබු ගස් පැවති පාලනයන් තුළ ඉවත් කළා. අඹගහබස්නැවතුම් පොළ අසළ තිබු ගිරා අඹ ගස ඉවත් කළා. ඉස්සර තිබු රජතල්ගස් තිබු ඒවා ඉවත් කළා. නගරය දියුණු වෙනවා කියන්නේ. ගස් කපන එක වැරදියි. අපි සංවර්ධනයට වනවාට අකමැත්තක් නැහැ. නගරය හරිත නගරයක් කරන්න අප විශාල යෝජනා රාශික් ලබා දෙන්න පුළුවන්.

නුගතිබෙන ස්ථානය පත්තිනි දේවාලය අසළ තියෙන්නේ. එය දේව විමානයක්. එය සංස්කෘතිකයට සිදු කළ හානියක්. දිරාපත් තිබේනම් එය. නිසි ලෙස විශේෂඥවරුන්ගේ උපදෙස් ගත යුතුයි. නගරයේ මෙවන් කාර්යන් සිදු කරන්නේ නම් එය අපි පාරිසරික සේවාවන් අහිමි කරන්නේ නම් ඉදිරියේදි නිතිමය පියවර ගැනිමට සුදානම් බවද හෙතෙම පැවසීය.

මෙම නුගගසේ අතු කපා දැමිම පිළිබදව දිගින් දිගටම සමාජ ජාලාවල දැඩි විරෝධයක් පළ කර තිබුණි.

මෙම නුග ගසේ අතු කපා දැමිමට විරෝධය පළ කරමින් මාතලේ මහ නගර සභාවේ නිතිඥවරයා ලෙස කටයුතු කර රුවන් පුරිජ්ජල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවත් එය පක්ෂය හැරදා යැමක් නොවන බවත් නගරාධිපතිවරයා සිදු කරන පාරිසරික හානියන්ට විරෝධය පළ කිරිමක් බවද පැවසිය.

මේ පිළිබදව අදහස් දැක්වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසුවේ දිගින් දිගටම මෙම පාරිසරික හානියන් සිදු කරන බවත් නගරයේ පසුගිය දින කිහිපයේදිම ගස් කපා ඉවත් කිරිම් සිදු කරන බවත් මෙම ක්‍රියාවට විරෝධය දක්වමින් පක්ෂ භේදයෙන් තොරව ක්‍රියා කරන බවද ඒ මහතා පැවසිය.

මෙම සිද්ධිය පිළිබදව අදහස් දැක්වු මාතලේ දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රි ජවිපෙ සංවිධායක ගමගෙදර දිසානායක මහතා කියා සිටියේ පළවෙනි පියවරේදි ඇහල ගස් ඉවත් කළා.කොට්ටම්බා ගස් කපා ඉවත් කළා.වෙන ව්‍යාපාරිකයිනගේ උවමනාවන් සදහා මේ ක්‍රියා කරන්නේ.නුගගහ මුල කියල අපි කියන්නේ.අනෙක් සියලු ස්ථානවලට වඩා ඓතිහාසික හා සංස්කෘතික වැදගත් තැනක්.මාතලේ නුගගහ මුල කියලා අපි කියන්නේ. මේ සිද්ධියට එරෙහිව ප්‍රගතිශිලි ජනතාවට පෙළ ගැසෙන්න කියා අප සියලු නාගරික ජනතාවගෙන් ඉල්ලනවා.

මේ පිළිබදව මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාගෙන් විමසිමේදි කියා සිටියේ පත්තිනි දේවාලය ඉදිරිපිට ඇති මෙම ගස කපා දැමීමට මා හට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මෙම ගහ කප්පාදු කිරීමක් පමනක් සිදු කරන බවය. මේ මහා ගස දිරාපත් වී ඇති බව අනාවරණය වුණා.මම නගරාධිපතිවරයා වශයෙන් මාගේ යුතුකම අනතුරක් වීම වලක්වා ගැනිම මිස, පෞද්ගලික වාසි තකා සිදු කිරිමක් නොවේ. යම් පුද්ගයෙකුට හෝ යම් දෙපලකට හානියක් වුවානම් එයටද දොෂාරොපනය මාහට එල්ලවේ.තව ද වාර්ෂිකව පවත්නා තේරු උත්සවය අවස්ථාවේදී මහා තේරුව පහත් වු අතුවල වදින බව පවසා එම අතු ඉවත්කර දෙන මෙන් ලිපියක් මගින් පත්තිනි දේවාලය ඉල්ලීමක් කර ඇති බවත් මෙහි ඉන් පසු අසල සුහුරු විදුලි පහන් කණුවක් නුගගහමුල ආලෝකමත් කිරීමට සවිකරනු ලබව බවද පැවසිය.

Related posts

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලසීමාවේ යළි සංශෝධනයක්

colombotoday

උපවාසය අත්හල රතන හිමියන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට

colombotoday

ඉන්ධන පිරවුම්හලේ පෝලිමක තවත් මරණයක්

colombotoday

ශ්‍රීලනිප යෙන් ඒකාබද්ධ විපක්ෂයට ආරාධනාවක්

colombotoday

STF මෙහෙයුමකින් ගජමුතු 6 ක් සමග සැකකරුවෙක් කොටු

colombotoday

කුලියාපිටියේ ග්‍රාම නිලධාරී වසම් 63ක අගුලු අරි

colombotoday