Colombo Today Local News

ෂාෆිගෙන් සැත්කම් කළ පසු දරුවන් අහිමිවූ මව්වරුන් 200කගෙන් පැමිණිළි…

වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු තමන්ට යළිත් දරුවෙකු බිහිකිරීමේ අවස්ථා නොලැබුණු බවට පවසමින් ඊයේ දිනයේදීත් මව්වරුන් 80 දෙනෙකු පමණ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ශාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට පමණක් ඉදිරිපත් වූ  පැමිණිලි සංඛ්‍යාව 200ක්.

සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යාකරණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් රැසක් අදත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය.

ඒ අතරින් පැමිණිලි වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබුණේ පළමු දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය ශාෆි කළ සිසේරියන් සැත්කමෙන් පසු දරුඵල අහිමිවීම පිළිබඳවයි.

කෙසේවෙතත් දෙවන දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය ශාෆිගෙන් සිසේරියන් සැත්කම කරගත් පසු දරුඵල අහිමි වූ මව්වරුන් ද අද පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

කුරුණෑගල රෝහලට ලද මුළු පැමිණිලි සංඛ්‍යාව 80ක් වන අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ලද සමස්ත පැමිණිලි සංඛ්‍යාව 200ක්.

Related posts

විජිතපුර පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවයි

colombotoday

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

colombotoday

තවත් කොටි සැකකරුවන් පිරිසක් ඇප නැතිවම නිදහස් කරයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

තවත් මැතිවරණ සන්තෝෂමක් ! වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්ද ඉවත් කෙරේ !

colombotoday