ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය විසින් සංවිධාන කළ ජාතික සමුළුව අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම සමුළුව සදහා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අමාත්‍ය රාජිත සේනාරත්න, වික්‍රමබාහු කරුණාරතන්, ඇතුළු සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන පක්ෂ ගණනාවක නියෝජිතයන් සහභාගී වී සිටියේ ය.