Colombo Today Local News

ශ්‍රී ලංකාවේ සියයට 20 කට කොරෝනා එන්නත දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% කට ‘කොවිඩ්-19’ වෛරසය සඳහා නිපදවන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය අද (09)දින දැනුම් දුන්නා ය.

කොවිඩ්-19 රෝගය වැළැක්වීම සදහා ශ්‍රී ලංකාව තුළ ඊට අදාළ එන්නත භාවිත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (09)දින පැවැත්විණි.

එහිදි අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය, මෙරට ජනගහනයෙන් සියයට 20 කට ‘කොවිඩ්-19’ වෛරසය සඳහා නිපදවන එන්නත ලබාදීමට ලෝක සෞඛය සංවිධානය එකඟතාව පළ කර ඇතැයි දැනුම් දුන්නා ය.

මෙම එන්නත ලබාදීම සඳහා වන කරුණූ සෙවීමට කමිටුවක් පත් කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නා ය.

ඒ සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරිම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරිම, ඊට අදාළ භෞතික සම්පත් කළමණාකරණය, තොරතුරු ලබාගැනීම, කරුණු ගොනු කිරිම වැනි කාරණා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කෙරෙනු ඇත.

ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Related posts

හිටපු අමාත්‍ය පාඨලී අත්අඩංගුවට ගනී

colombotoday

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

කොරෝනා, සාර්ස් වාර්තා බිද හෙළයි… මරණ සංඛ්‍යාව 900 දක්වා ඉහළට

colombotoday

“රොහින්ග්‍යා සරණාගතයන් අපට බාරගන්න බෑ.. ආපසු මියන්මාරයට ගෙන්වාගන්න” – බංග්ලාදේශ අගමැතිනිය

colombotoday

මෙතෙක් බිහි වූ කාර්යක්ෂම සෞඛ්‍ය ඇමතිවරයා රාජිතයි – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

colombotoday

ඇලොසියස් මුදල් දී මාව හිර කළා – දයාසිරි ජයසේකර

colombotoday