Colombo Today Local News

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි – ජනපති

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ළඟාකරගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15)දින දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතිවරයා මෙම අදහස් පළ කළේය.

රට ආසන්නයෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකාවන්ට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කිරීම සහ ප්‍රති නැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගන, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.

රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම් ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub)බවට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් ව ඇත.

රජය මැදිහත් වී ඉන්ධන ගබඩා ටැංකි ඉදිකර නැව්වලට ඉන්ධන සැපයීම කළ යුතු බවත් විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්‍රාංගනයක් ඉදිකිරීමට ත් මෙහිදී ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි ව තිබේ.

විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය සඳහා නැව් සහ බෝට්ටු නඩත්තුව, අළුත්වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම, ප්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇත.

Related posts

ඇමරිකා MCC ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අත්සන් කරනවා – මංගල

colombotoday

2025 දී ලංකාවේ බලය අල්ලන ඩයස්පොරා මෙහෙයුමක්.. හින්දු සම්මේලනය හෙළිකරයි (Video)

colombotoday

කියන්නේ එකක්.. කරන්නේ තව එකක්.. සමාජවාදය විකුණන් කනවා.. හරින් ජවිපෙ පට්ට ගහයි

colombotoday

අගමැති දැනුම් දීමෙන් දෙරණේ සංඛ නැවතත් සේවයේ

colombotoday

ව්‍යාජ ඉතිහාසයක් සමග දෙමළ ඊළම විකිපීඩියාවට.. අගනුවර ත්‍රිකුණාමලය

colombotoday

ඒකාබද්ධයෙන් 4ක් ආණ්ඩුවට.. එන අය ගැන ඉගියක් හැරිසන්ගෙන්

colombotoday