Colombo Today Local News

ශ්‍රී පුර වෙඩිතැබීමකින් 26 හැවරිදි පුද්ගලයෙක් මරුට

අද (16) අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී ය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වෙඩිතැබීමෙන් තුවාල ලද 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු කාවන්තිස්ස පුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Related posts

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

colombotoday

වැඩි මිලට සීනි ගන්න එපා. විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි

colombotoday

තරග පාවා දිමේ චෝදනාව : සචිත්‍ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

colombotoday

[Video] ‘සිංහලේ’ වෙනුවෙන් සිංහලේ උරුමක්කාරයෙක් පෙරට එයි!

colombotoday

සුඩානයේ කාටොන් නගරයෙන් ලංකිකයින් 13 ක් ඉවත්කර ගනී

Admin