Colombo Today Local News

වෙබ් මාධ්‍යවේදියාට ඇප

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර තිබේ.

එහි අනුව සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද ඔහුට නියෝග කළේය.

පරීක්ෂණ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙසත් එසේ බාධා සිදුකරන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් දැනට නියම කර ඇති ඇපය අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කර සිටියේය.

අනතුරුව පැමිණිල්ල ඔක්තෝබර් 29 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය වෙත වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යැයි ඉකුත් 01 වන දා අත්අඩංගුවට ගත් මෙම සැකකරු පසුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

Admin

රථවාහන පොලිසිය ඩිජිටල්කරණයට

colombotoday

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..

colombotoday

බෞද්ධ විහාරස්ථාන ඉවත් කරන්න ඉල්ලා TNA මඩකලපුව ගිනි තබන්න යයි !

colombotoday

“මාව මරන්න ආපු කොටි ත්‍රස්තවාදීයාටත් සමාව දී නිදහස් කරන්න” – ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

colombotoday