World

වෙනිසියුලා ජනපති ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් පන්නා දමති

වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  මහතා විසින් පිළිගෙන තිබේ.

බ්‍රසිලය, කොලොම්බියාව, පේරු ඇතුළු දකුණු ඇමෙරිකානු රටවල් කිහිපයක් වෙනිසියුලාවේ නීත්‍යනුකූල ජනාධිපතිවරයා ලෙස ග්වායිඩෝ මහතාව පිළිගෙන ඇත.

ට්‍රම්ප් මහතාගේ එම තීරණයත් සමඟ වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝ මහතා ඇමෙරිකාව සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දමා එරට සිටින ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පැය 72 ක කාලයක් ඇතුළත ඉවත් වන ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි.

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය මීට මසකට පෙර පැවැත්වු අතර එරට විපක්ෂය විසින් එය වර්ජනය කෙරිණි. කෙසේ වෙතත් යළි නිකලස් මදුරෝ මහතා එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ බවත් එයට ජනතාවගේ දැඩි විරෝධය එල්ල විය.

වෙනිසියුලා රජයට එරෙහිව විපක්ෂය විසින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරමින් සිටියදී සිව් දෙනෙකු ද ඝාතනයට ලක් වූ බව වාර්තා වේ.

Related posts

අමෙරිකාවේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි

Admin

ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානයෙන් තර්ජන

Admin

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ප්‍රංශයෙනුත්

colombotoday

තුර්කිය රුසියානු ප්‍රහාරක යානයකට පහර දී බිම දමයි – Video

colombotoday

තලෙයිබාන් ත්‍රස්තයන් ඇමරිකාවට අනතුරු අඟවයි

colombotoday

ඉන්දීය සෙබළුන් 40කට මරු කැදවූ මොහොමඩ් බායි ත්‍රස්තයා මරා දමයි..

colombotoday