Colombo Today Local News

විහාර සංවර්ධනයට ජනපතිගෙන් මිලියන 195ක්

ශ‍්‍රී ලංකාවේ දුර බැහැර ප‍්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාත්මක වන බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන සඳහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විහාරස්ථාන 46 ක් වෙනුවෙන් රුපියල් මිලියන 195 ක මුදලක් මෙහිදී පිරුනැමුණු අතර විහාරාධිපති ස්වාමින්වහන්සේලා වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ඊයේ(21) ජනාධිපතිවරයා අතින් සිදු විය.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත බෞද්ධ පුනරුද අරමුදල 2016 වසරේ දී ආරම්භ කෙරුණු අතර 2016 වසරේ රුපියල් මිලියන 116 ක් ද, 2017 වසරේ රුපියල් මිලියන 167 ක් ද, ඒ යටතේ ප‍්‍රදානය කර තිබේ.

බෞද්ධ පුනරුද අරමුදල යටතේ අඩු පහසුකම් සහිත විහාරස්ථාන විශාල ප‍්‍රමාණයක සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහාය සහ ශ‍්‍රම දායකත්වය එම කටයුතු සඳහා ලබාදීම සිදු කෙරෙයි.

ඉඩම් පිළිබඳ ගැටලු ඇති ඇතැම් විහාරස්ථාන සඳහා පූජා ඔප්පු පිරිනැමීමෙන් එම ගැටලු නිරවුල් කිරීමට ද ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මේ වන විට පියවර ගෙන තිබේ.

අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක ස්වාමින් වහන්සේ, නැගෙනහිර පලාත හා තමන්කඩුව යන දෙපලාතේ අස්ගිරි පාර්ශ්වයේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය මකුරුපේ ශී‍්‍ර ධර්මකීර්ති ඉන්ද්‍රජෝති පඤ්ඤාසේකරාභිධාන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය අහෝසි කරයි…

colombotoday

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

ශ්‍රී ලංකාවට IMF ණය මුදල ලැබෙන හැටි

Admin

ජනපති මෛත්‍රී අවසන් වරට ජාතිය අමතයි (LIVE)

colombotoday

පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් ගුටි ඇනගෙන තිදෙනෙක් රෝහලට

Admin

‘මහානාහිමිවරුන්ගේ නියෝජනය 62 ලක්ෂය ඉක්මවා යන්නක්’ – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

colombotoday