Colombo Today Local News

විසුරුවා හැරි පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි සජිත් ජනපතිගෙන් ඉල්ලයි !

කොරෝනා වෛරසයේ ගැටලුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් කැඳවන ලෙස සමගි ජන බලවේග නායක හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් සිදුකළා.

පාර්ලිමේන්තුව විසුරුවා හැර අපේ‍්‍රල් 25 වන දින මැතිවරණයක් කැඳවනු ලැබුවත් සජිත් ප්‍රේමදාස පැවසුවේ ජනතාවගේ ජීවිත මිස මැතිවරණය වැදගත් නොවන බවයි. මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ සතියේ දිනවල හෝ සති අන්තයේ වේවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් කැඳවිය යුතු බවයි.

මෙම ප්‍රශ්නය දේශපාලනික නොකර රටට ප්‍රමුඛතාවය දිය යුතුය. මෙම ගැටලුව සාකච්ඡා කිරීමට අපි සූදානම්. ජනාධිපතිවරයා හමුවීමටත් මෙම ගැටලුව විසඳීම සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබාදීමටත් අපි සූදානම් බවයි මෙහි දී සජිත් ප්‍රේමදාස කියා සිටියේ.

Related posts

දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට.

colombotoday

මහින්දගේ ආගමනය දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

සජිත් රනිල් ප්‍රතිපත්තිමය එකඟතාවයක්

Admin

කොටි සාමාජිකයන් දෙදෙනෙක් අතුරුදන් කළැයි, හමුදාවේ පස් දෙනෙක් යාපනේදී රිමාන්ඩ්

colombotoday

GMOA විරෝධය නොතැකේ.. SAITM සිසුන්ට රජයේ රෝහල් දෙකක සායනික පුහුණුව

colombotoday

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin