Colombo Today Local News

විල්පත්තු සංහාරය අනුමත කරන්නේ නෑ – මහින්ද

තමන් විල්පත්තු වන සංහාරය අනුමත නොකරන බවත් තම පාලන කාලයේදී ඒ පිළිබඳව සෙවීමට කටයුතු කළ බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

“මේ ආණ්ඩුව කිසිම වරදක් කරලා නෑ. විල්පත්තු වන සංහාරය අනුමත කරන්නේ නෑ. සිංහරාජය පිළිබඳවත්, නකල්ස් ගැනත් අපි ඉන්නේ ඒ ස්ථාවරයේ. අපි විල්පත්තුවට කොමිටියක් පත්කළා. ඒ වාර්තාව අනුව ක්‍රියාත්මක වෙන්න කිව්වේ.

පසුගිය කාලයේම විනාශ වෙමින් පවතිනවා. මේවා තියෙන්නේ නිකම් රවුමක් ගහලා එන්න නෙමෙයි නේ. මේවා පිළිබදව මීට වඩා ජනතාව දැනුවත් කිරිම හරහා වෙනස් කරන්න පුළුවන්. නීතියෙන් ක්‍රියාත්මක වෙන්න බැරි අවස්ථාත් තිබෙනවා.”

තම පාලන කාලයේදී විල්පත්තුවේ බිම් අඟලක්වත් විනාශ කිරීමට ඉඩ නොඳුන් බවට ජනපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් යොමුකළ පැනයකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා,

“ජනපතිවරයා බොරු නොකියයි. බොරු කියන වචනයවත් නෑ.”

Related posts

වත්මන් කණ්ඩායමට රට වෙනුවෙන් ජයග්‍රහණයන් ලැබීමේ ආකල්පය නැහැ

colombotoday

භූමිදානය අවශ්‍යනම් කලයුත්තේ පාරේ උද්ඝෝෂණ රංගන දැමීම හෝ අමාත්‍ය ධුර අවභාවිතා කරමින් වංගු ගැසීම නොවෙයි.

colombotoday

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday

සෝමවංශ අමරසිංහ දිවියෙන් සමුගනී

colombotoday

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

Admin

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday