Colombo Today Local News

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය වැසේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලූ‍ම සේවාවන් අද සහ හෙට දිනවල තාවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

කොවිඞ්-19 වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය අමුත්තන් සඳහා වසා තබනු ඇති.

විදේශයන්හි ශ‍්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියකියවිලි සඳහා සහය සහ අපනයන ලේඛන සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක් කළින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත භාරගන්නා බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

ඒ සදහා හදිසි ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කරගත හැකියි.

විදේශයන්හි සිදුවන මරණ පිළිබද 011 233 88 36 හෝ 011 233 59 42 යන දුරකතනවලට ඇමතිය යුතුයි. අපනයන ලේඛන සහතික කිරීම සදහා ඇමතිය යුත්තේ 011 233 88 12 දුරකතන අංකයට බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

Related posts

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගෙන යෑමේ තීරණයක්..

Admin

පොල්තෙල් ද ඇතුළුව ආනයනික ආහාර ගැන පරීක්ෂණ පවත්වන්නැයි රජයේ ගිණුම් කාරක සභාව දැනුම් දෙයි

colombotoday

“වැටුප අත්හිටුවන කිව්ව කොල්ලුරේ ට සිදුවුනේ තනතුර අහිමි වීම… වෘත්තීය අරගලය නව මානයකින් ආරම්භ කරනවා”

colombotoday

ගුවන්තොටුපළට ලැබුණු ඊමේල් ඔත්තුව විමර්ශයට

colombotoday

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday