කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි ශ්රී ලාංකිකයින් 306 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
චීනයේ සිටි ශ්රී ලාංකිකයින් 10 දෙනෙකු ඊස්ටන් ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් සහ ඕමානයේ සිටි ශ්රී ලංකාකයින් 296 දෙනෙකු ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (14)දින පසවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපොළ පරිශ්රයේ දී පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කර ඇත.