කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව වෙනත් රටවල රැදීසිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (12)දින අළුයම දිවයිනට පැමිණ තිබේ.
කටාර් සහ ලන්ඩන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 120 දෙනෙකු මෙලෙස කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.
ඒ කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු සහ ලන්ඩන් හි සිටි ශ්‍රී ලාංකිකයින් 107 දෙනෙකුය.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඔවුන් සියලුදෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කර තිබේ.