Colombo Today Local News

විග්නේෂ්වරන් වැරදි බව අධිකරණය තීන්දු කරයි !

දැනට විසුරුවා හැර තිබෙන උතුරු පළාත් සභාවේ නිල කාලසීමාව තුළ එම පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරින් ඉවත්කොට ඒ සඳහා අලුතින් අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීමට උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ගනු ලැබූ තීරණය නීති විරෝධී බව අභියාචනාධිකරණය ඊයේ (05) තීන්දු කළේය.

2018 වසරේ තමන්ව තනතුරෙන් ඉවත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා හිටපු අමාත්‍ය ඩෙනිශ්වරන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුවක් ලබා දෙමින් මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ඒ අනුව ඩෙනිෂ්වරන් අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කොට එම තනතුරු සඳහා කේ. සිවනේසන් සහ ජී ගුණසීලන් යන අමාත්‍යවරු අලුතින් පත් කිරීමට ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් ගනු ලැබූ තීරණ බල රහිත කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර ඩෙනිස්වරන් මහතාට නඩු ගාස්තු ගෙවන ලෙසද වගඋත්තරකරුවන්ට නියම කළේය.

Related posts

බදුල්ලේ වැඩිම මනාප නිමල් සිරිපාලට

colombotoday

නවසීලන්ත අගමැති එයි

colombotoday

මගේ ගේ ගිනි තිබ්බේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් – ශාන්ත බණ්ඩාර

colombotoday

විපක්‍ෂ සටනින් සියල්ල පරදා කිරිඇල්ල දිනයි.. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඔහුටයි

colombotoday

අධිකරණයේ පෙනී සිටින්නැයි හිටපු ආරක්ෂක ලේකම්ට නොතීසි!

colombotoday

අති විශේෂ ගැසට් නිවේදනයකින් ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday