Colombo Today Local News

වැලිකඩ රැඳවින් 310කගේ PCR පරීක්ෂණ අවසන්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවින් 310 දෙනෙකු ඊයේ (07) දිනයේ පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පවසන්නේ ඉන් 210 දෙනෙකුගේ ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති නමුත් ඒ කිසිවෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවය.

එමෙන්ම ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 186 දෙනෙකු පුනානි හි පිහිටි වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

එම රැඳවියන් යුද හමුදා අධීක්ෂණය යටතේ බන්ධනාගාර නිලධාරින් මඟින් නිරෝධායන කටයුතු සිදු කෙරෙන බව හමුදාපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරින් 07 දෙනෙකු ද නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

ඊයේ දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයා කන්දකාඩු පුනුරුත්තාපන කඳවුරේ සිට වැලිකඩ බන්ධනාගාරයට පැමිණී අයෙකු බැවින් ඊයේ රාත්‍රියේ සිට කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානේ සිටින සියලු දෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරිමට කටයුතු කළ බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

පසුගිය අප්‍රේල් 30 වනදා වන විට සමාජයෙන් කොවිඩ් නයින්යීන් ආසාදිතයින් තුරන් කිරිමට හැකි වුවද රට තුළ තවදුරටත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සිටින බැවින් වෛරස ව්‍යාප්තිය වැලැක්විම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති ආරක්ෂක ක්‍රමවේදයන් අනුව කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවට දැනුම් දෙයි.

Related posts

පුත්තලමෙන් ලක්ෂ 15ක ‍හෙරොයින් හමුවේ

colombotoday

එජාපයෙන් නාම යෝජනා නෑ… රන්ජන් ස්වාධීන වෙයි !

colombotoday

කොටි සිරකරුවන් වෙනුවෙන් යාපනේ සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් අරඹයි

colombotoday

පොහොර සහනාධාරය අදින් ඉවරයි.. මිල තීරණය සමාගම් අතට.. හොන්ඩරය 3000ට නගී

colombotoday

ශ්‍රී ලංකන් ‘වෙබ් ද්වාරය’ ඉන්දීය සංචාරක නියෝජිතයන්ට විවෘත කරයි

Admin

පරදින එක ඉර හඳ වගේ විශ්වාසයි

colombotoday