වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
“වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ වෙනකොට රජයේ ස්ථාවරය අදියර වශයෙන් වාහන කොහොමද ආනයනය සීමා ඉවත් කරන්නේ කියන කාරණය අපි දැනුම් දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මුල් වටයට ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය ඒ වාහන වලට අවසරය ලබා දෙන්න. හැබැයි අපි පෞද්ගලික වාහන පරිභෝජනය සඳහා ආනයනය කරන්න බලාපොරොත්තු වන්නේ 2025 පළමු කාර්තුවේ.”