Colombo Today Local News

වර්ණසිංහට වැඩ බෑ… අමාත්‍යාංශය ලබන සතියේ මහ ඇමතිට

varnasinghe

බස්‌නාහිර පළාත් සභාවේ අයවැය ඡන්ද විමසුමේදී පරාජයට පත්වූ නිශාන්ත ශ්‍රී්‍ර වර්ණසිංහ මහතාට අයත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඊට අයත් සියලු විෂයයන් ලබන සතියේදී තමා යටතට පවරා ගන්නා බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ‘දිවයින’ ට ඊයේ (24 දා) පැවැසීය.

මෙම අමාත්‍යාංශය පවරා ගන්නා ලෙස බස්‌නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ලිත ඉල්ලීමක්‌ කර තිබෙන බවත් ඒ අනුව මෙම පවරා ගැනීම සිදුවන බවත් හෙතෙම කීය.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට අයත් අමාත්‍යාංශය යටතට සෞඛ්‍ය, දේශීsය වෛද්‍ය, සමාජ සුබසාධන , පරිවාස හා ළමා රක්‍ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු යන විෂයයන් ඇතුළත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජය වීම නිසා ලබන වසරේ (2016) එම විෂය පථයට අයත් ආයතනවල සේවක වේතන ගෙවීම ඇතුළු අනෙකුත් කාර්යයන් කරගෙන යා නොහැකි බවත්, එය සක්‍රියව පවත්වාගෙන යැමට අවශ්‍ය නිසා එම අමාත්‍යාංශය පවරා ගෙන ආණ්‌ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශ මහ ඇමැතිවරයාට යටත්ව පවතින බවත් යම් හෙයකින් අමාත්‍යාංශ වැය ශීර්ෂයක්‌ පරාජයට පත් වුවහොත් එම වැය ශීර්ෂය මහ ඇමැතිවරයා යටතට පත්වන බවත් ඒ මහතා කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජයට පත් වූයේ එම අමාත්‍යාංශය භාරව සිටි නිශාන්ත වර්ණසිංහ මහතාගේ තිබූ දුර්වලතාවක්‌ නිසා බව පවසන මහ ඇමැතිවරයා එයට තමාට දොස්‌ නැඟීම පල රහිත ක්‍රියාවක්‌ බවත් පෙන්වා දුන්නේය.

Divaina

Related posts

“එක රටක් එක නීතියක්” පොරොන්දුව පුස්සක් වෙයි. | කාති උසාවි නවත්තන්න ආ ආණ්ඩුව කාතිවරු බඳවා ගැනීමට යයි.

colombotoday

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

“සේවකයන් වර්ජනය කළොත්, දුම්රිය සේවය පෞද්ගලීකරණය කරනවා” – ප්‍රවාහන ඇමති

colombotoday

අද රාත්‍රී 10 සිට රටපුරා යළිත් ඇඳිරිනීතිය

colombotoday

ඥානසාර හිමි කුරානයට අපහාස කළා – තවත් පැමිණිල්ලක් කොම්පඤ්ඤ වීදිය පොලිසියට

colombotoday