Colombo Today Local News

ලෝකයේ වඩාත්ම බලසම්පන්න මුස්ලිම් ජාතිකයන් 500 දෙනා අතරට රිෂාඩ් බදියුදිනුත් නම් වෙයි…

ලෝකයේ වඩාත්ම බලසම්පන්න මුස්ලිම්වරුන් 500 දෙනාගෙ ලයිස්තුවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නමත් ඇතුලත් වී ඇත.

ඇමති බදියුදීන් විසින් 2013/14 ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ, යුද්ධය හේතුවෙන් අවතැන් වූ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් නැවත පදිංචි කරවීම සදහා සිදුකල කාර්යයන් සම්බන්ධයෙන් එමගින් ඔහුව ඇගයීමට ලක්කර ඇත.

එම ලයිස්තුව මගින් අමාත්‍යවරයා, සෞදියේ අල්වලීඩ් බින් තලාල් කුමරු, (ලෝකයේ 26 වන ධනවත්ම පුද්ගලයා) මොහොමඩ් අල් ෆයිසාල් කුමරු යන බලගතු ඉස්ලාමීය නායකයන් හා සම තත්ත්වයේ බලපෑම් කළ හැකි පුද්ගලයෙකු ලෙස එම ලයිස්තුව මගින් හදුන්වා දී ඇත.

ලෝක ඉස්ලාමීය ප්‍රජාව වෙත ආර්ථික, දේශපාලනික සහ ආගමික වශයෙන් වඩාත් බලපෑමක් කළ හැකි පුද්ගලයන් සහිත මෙම වාර්ෂික ලයිස්තුව රාජකීය ඉස්ලාමීය උපාය මාර්ගික අධ්‍යන මධ්‍යස්ථානය (RISSC) විසින් සකස් කරන අතර එය, ජෝර්දානයේ අම්මාන්හි පිහිටි ජාත්‍යන්තර ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධානය සමග අනුබද්ධ ආයතනයක් වේ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ලෝකයේ බලගතුම මුස්ලිම්වරුන් 500 දෙනාගේ ලයිස්තුවට ශ්‍රී ලංකාවේන් ඇතුළත් වූ සිවු වැනියා වේ. ජසීමා ඉස්මායිල්, විනිසුරු සලීම් මර්සූෆ්, සහ ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රධානී රිස්වි මුෆ්ති යන අයද මෙසේ එම ලයිස්තුවට ඇතුළත් වූවෝ වෙයි.

Related posts

ශ්‍රී ලාංකික තරුණයෙක් අමෙරිකාවේදී අභිරහස් ලෙස මිය යයි

Admin

මැතිවරණ කොමිසම අද රැස්වේ

colombotoday

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday