ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල, මිල සුත්‍රයට අනුව ඉහල දැමූ බව මුදල් අමාත්‍යංශය නිවෙදෙනය කර සිටිනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල 138 දක්වා ඉහල ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් බොර තෙල් බැරලයක මිල සීග්‍රයෙන් පහල ගොස් ඇති බැවින් සහ ඩොලරයේ අගය ස්ථාවරව පැවතීම හේතුවෙන් එම සහනය ජනතාවට ලබා දීම සඳහා මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද උදෑසන මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුනා.