Colombo Today Local News

ලාංකික ශ්‍රමිකයින්ට ජෝර්දානය්දී කදුළු ගෑස් ප්‍රහාරයක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජෝර්දානයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා එරට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ජෝර්දානයේ අල්කාරා ප්‍රදේශයේ කර්මාන්තපුරයක සේවය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් එලෙස කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වී ඇතැයි වාර්තා වේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස පහක පමණ කාලයක සිට අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිසට රැකියා අහිමි වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ (27) දිනයේ ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කර්මාන්තපුරය පිහිටි ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී ශ්‍රී ලාංකිකයින් 340කට ආසන්න පිරිසක් නිලධාරීන්ට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර එය පාලනය කිරීම සඳහා ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

“ජෝර්දාන්, අල්කාරා ප්‍රදේශයේ කර්මාන්ත පුරවරයේ පිහිටා තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩකරන ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසකට තමයි මේ ප්‍රශ්නයට මුහුණදෙන්නට සිදුවෙලා තියෙන්නේ. කොරෝනා තත්ත්වය හේතුවෙන් කර්මාන්ත ශාලාවල සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය ඇණහිටලා තියෙන නිසා රැකියා අහිමිවෙන තත්ත්වයක් උදාවෙලා ඇති බව” ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක පැවසීය

“ඒ අයට අවශ්‍ය පහසුකම් සපයන්න තමයි ඊයේ තානාපති කාර්යාල නිලධාරීන් එම ස්ථානයට ගියේ. ඒ වෙලාවේ ඇතිවුණ යම් කථාබහක් හේතුවෙන් ඇති වූ යම් කළහාකාරී තත්ත්වයක් සමනය කරන්න තමයි ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ බව” ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කලහකාරී අවස්ථාවේදී තානාපති කාර්යාලයේ නිලධාරීන්ද යම් අපහසුතාවයන්ට ලක් වූ බවත් මේ වන විට සියල්ල සමනයකට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසයි.

Related posts

ජාතික ඖෂධ අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය බිඳ වැටීම ගැන පරීක්ෂණ

colombotoday

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහතට. – ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන්නැයි ඉල්ලීමක්.

colombotoday

ජාතික ගීය දමිළ බසින් ගැයීම පිළිබද සතුට පළකිරීමට විග්නේශ්වරන් නාග විහාරයට

colombotoday

ගැහුවොත් පිස්සු හැදෙන ගංජා වල අතුරු ආබාද – මනෝචිකිත්සකයින් ගංජා නීතිගත කිරීමට එරෙහි වෙයි

colombotoday

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

colombotoday

පුංචි මන්ත්‍රීලාට ජනපතිගෙන් ආධ්‍යාත්මික වැඩමුළුවක්

colombotoday