Colombo Today Local News

ලාංකික නාවිකයන් 9ක් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ

ශ්‍රී ලාංකික නැවියන් නම දෙනෙක් යේමනය සහ සෞදි අරාබිය අතර දේශ සීමාවට මායිම්ව පිහිටි හුඩයිඩා වරායේ ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රාණ ඇපයට පත්ව සිටී. ෂෙයා ඇවිලෝන් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකික නාවිකයින් මාස දෙකකට ආසන්න කාලයක සිට මෙලෙස ප්‍රාණ ඇපයට පත්ව සිටින අතර තමන් හැකි ඉක්මණින් මුදා ගන්නා ලෙස ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
ලාංකේය නැව් සමාගමකින් ග්‍රීසියේ ෂෙයා ඩීල් සමාගමට අයත් ෂෙයා ඇව්ලෝන් නෞකාවට මාරු කරන ලද ශ්‍රී ලාංකික නැවියන් මෙලෙස මෙම ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රාණ ඇපයට ලක්ව සිටින බව එම නෞකාවේ නැවියෙක් දුරකථනයෙන් පැවැසීය.
මෙම නැවියන් සඳහා මාස දෙකක වැටුප පවා අදාළ නැව් සමාගමෙන් ගෙවීමට කටයුතු කර නොමැති නිසා තම පවුල් වල උදවිය පවා අසරණව ඇතැයි ද තමන් මුදවා ගැනීම සඳහා නැව් සමාගම කිසිදු පියවරක් ගෙන නොමැති බව ද ඔහු සඳහන් කළේය.
තමන් ප්‍රාණ ඇපයට තබා මෙම ත්‍රස්ත කණ්ඩායම ග්‍රීක නැව් සමාගමෙන් කෝටි ගණනක මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටින බවත් නැව් සමාගම එම මුදල ලබා නොදී නීති මාර්ගයෙන් ත්‍රස්තයන්ට විරුද්ධව කටයුතු කිරීමට උත්සාහ දරන බවත් ඔහු පැවැසීය.
එසේම තමන් රඳවා සිටින වරායට ඇමෙරිකා එක්සත් ජනපදය හා සෞදි අරාබිය එක්ව දෙසැම්බර් මැද සතිය වන විට බෝම්බ දැමීමට සැලසුම් කර අතැයි ද එහිදී තමන් ප්‍රාණ ඇපයට ගැනීමට ත්‍රස්තවාදීන්ගේ සැලැස්මක් ඇති බවට ආරංචි ලැබි ඇතැයි ද ලැබි ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙම ප්‍රදේශය අදාළ ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ පවතින අතර ඔවුන්ගේ අවසරයෙන් තොරව එම ප්‍රදේශයට කිසිවෙකුටත් ළඟා වීමට පවා අසීරු තත්ත්වයක පවතින බවත් ඇතැම් නැව් පමණක් එම වරායට පිවිසෙන බවත් ඔහු පැවැසීය. එසේම එම වරාය ප්‍රදේශයේ මෙරට තානාපති කාර්යාලයක් පවා නොමැති අතර ළඟම තනාපති කාර්යාලය ඇත්තේ සෞදි අරාබියේ යැයි ඔහු සඳහන් කළේය.
එබැවින් තම ජීවිත අවධානමට ලක්ව ඇති බැවින් ජාත්‍යන්තර සහයෝගය ලබා ගනිමින් හෝ තමන් මුදවා ගැනීම සඳහා හැකි ඉක්මණින් පියවරක් ගන්නා ලෙසත් තම වැටුප තම පවු‍ලේ අය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් රජයෙන් අයැද සිටින බව එම නාවිකයා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රාණ ඇපයට පත්ව සිටින නාවිකයන් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට තොරතුරු ලැබි ඇතැයි ද නාවිකයන්ගේ පවුල් වල උදවියද ඒ පිළිබඳ පැමිණිලි කර ඇතැයි ද මේ පිළිබඳව අප විදේශ කටයුතු අමාත්‍යංශයෙන් කළ විමසීමකදී අමාත්‍යංශය සඳහන් කළේය.
එසේම අදාළ නාවිකයන් මේ වන විට සම්බන්ධ කර ගනිමින් ඔවුන් මුදා ගැනීමේ කටයුතු ඕමානයේ මස්කට් නුවර පිහිටි මෙරට තානාපති කාර්යාලය හරහා ආරම්භ කර ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

-Lakbima-

Related posts

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි කියන්න, TNA මහා නාහිමිවරු හමුවෙන්න යයි !

colombotoday

කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් ඉහලට.

colombotoday

මුදල් ඇමති මංගලගේ ලිපිය ගැන CID පරීක්ෂණ…

colombotoday

ත‍්‍රස්තවාදී කල්ලි මුලිනුපුටා දාන්න රාජපක්ෂලා බයවෙලා හිටියේ… – චම්පික රණවක

colombotoday

අපි ව්‍යාපෘති කලාට මහජනතාව ඒ ගැන දන්නේ නෑ.. ඒක හරිම ඛේදවාචකයක්. – සගලගෙන් මාධ්‍ය අමාත්‍යංශයට චෝදනාවක්?

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ නැහැ..

colombotoday