Colombo Today Local News

ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝධායනයට

නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන පත්ල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන  කටයුතු සදහා යොමු කළ බව කල්පිටිය සහකාර සෞඛ්‍ය  වෛද්‍ය  නිළධාරි දම්ශ්‍රී මදුමාල් මහතා පවසයි.
 
නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු විදේශ නැව් වලින් රැගෙන ඒෙමන් පසුව ඒය බත්තල් මගින් බලාගාර ගල් අගුරු ලබා ගන්නා ස්ථානය දක්වා රැගෙන ඒමට ඉන්දියන් ජාතිකයින් 106 දෙනකු  යොදවා තිබේ.
 
අදාල ඉන්දියන් ජාතිකයින් 106 දෙනා කලක සිට බත්තල් වල රැකියා වල නිරත වෙමින් සිටි පිරිසක් බවත් මොවුන්  විටින් විට නිසි පරික්ෂාවට ලක් කිරිමට කටයුතු කරන බවද සෞඛ්‍ය  අංශ පවසයි .
 
එසේ නමුත් මෙම  පිරිස හදිසියේ 25 අලුයම දක්වා හදිසි පරික්ෂණයකට ලක් කරමින් ශරිර උෂ්ණත්වය මැන බැලිම   ආදී  රැසක් සිදු කල බවත් ඒ අනුවමෙම  පිරිසෙන් 31 දෙනකු දැනට රැදි සිටින ස්ථාන තුලම නිෙරාධායනයට ලක් කළ බවත් කල්පිටිය සහකාර සෞඛ්‍ය  වෛද්‍ය  නිළධාරි දම්ශ්‍රී මධුමාල් මහතා පැවසිය.
 
අදාල කටයුතු සදහා නොරොච්චෝල  මහජන සෛෟඛ්‍ය පරික්ෂක ඇතුළු  කාර්ය මංඩලය ඒක්වි තිබුණි.

Related posts

බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය අසලින් බෝම්බ දෙකක් සොයා ගැනේ.

colombotoday

ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට සිරදඬුවම් හිමිවූ සිල් රෙදි නඩුවේ ඇපෑලේ තීන්දුව හෙට

colombotoday

ඇමතිගේ හිතවතුන් බදවාගන්න පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ අවම සුදුසුකම් අවම කරයි !

colombotoday

ජනපති මැදුරට හා අරලියගහ මැදුරට ඇතුළු වූ 2ක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්, මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

colombotoday

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

colombotoday