Colombo Today Local News

ලංගමය දිලුම්ට, දුම්රිය සීබී ට…

ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු වන දිලුම් අමුණුගම සහ සී. බී රත්නායක යන අමාත්‍යවරුන්ට විෂයයන් හා කාර්යයන් පවරා තිබේ.

ඒ අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය  දිලුම් අමුණුගම මහතාට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය  පවරා ඇත.

මගී තොටුපල සේවාවන් සැපයීම, ආරක්ෂාකාරී කාර්යක්ෂම  හා විශ්වසනීය  පොදු මගී ප්‍රවාහන සේවාවක් සැපයීම, පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් හඳුන්වාදීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා වූ ප්‍රවාහන ක්ෂේත්‍රයේ  දායකත්වය උදෙසා උපායමාර්ගික  වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඊට ඇතුළත් වේ.

දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතාට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු පවරා ඇත.

නව තාක්ෂණය යොදා ගනිමින් ඒකාබද්ධ මගී  සහ භාණ්ඩ දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය හා ඉහළ ගුණාත්මක භාවයකින් යුතු දුම්රිය සේවා සැපයීම, නව දුම්රිය  මාර්ග ඉදි කිරීම, පවතින දුම්රිය මාර්ග නඩත්තු කිරීම සහ ඊට අදාල ඉඩම් පවරාගැනීම සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සියලු කටයුතු මේ යටතේ පවරා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 44 (5) වැනි ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත විෂයන් හා කාර්යයන් පැවරීමේ ගැසට් පත්‍රය 2020 ජනවාරි 09 වැනිදා නිකුත් කරනු ලැබීය.

Related posts

බදු වැඩිකිරීම හැර වෙනත් විසදුමක් රජයට නෑ – බන්දුලගෙන් අයවැය ගැන අනාවැකි

colombotoday

එක රටක් එක නීතියක් වාර්තාව පිළිනොගනු. නැගෙනහිර පුරාවිද්‍යා කැණීම් වහා ම නතර කරනු. – හකීම්ගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

colombotoday

වාහන මිළ නැවතත් නගී…

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

රන්ජන් ඇමරිකාවේ බැංකුවකට පොලු තියලා… අත්අඩංගුවට ගතයුතු පුද්ගලයෙකු යැයි නම් කරයි

colombotoday

මිලියන 4ක මත්පෙති සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday