Colombo Today Local News

“ලංගම මිලියන 3080ක් ගියේ කොයි කුමාරිගේ ගිණුමටද ?”

kumari

පසුගිය සමයේ ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙන්වන ලද බස්රථ 2200කින් රුපියල් මිලියන 3080ක මුදලක් වංචා කර ඇතිබවට තොරතුරු හෙළීවී ඇතිබවට වාර්තා වනවා. මේ බව ඊයේ (30) එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී මහාචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“පසුගිය කාලයේදී ලංගමයට අශෝක් ලේලන්ඩ් සමාගමෙන් බස් රථ 2200 ක් මිලට ගත්තා. මේ එක බස් එකක ෂෝරූම් ප්‍රයිස්එක ඇමරිකානු ඩොලර් 40,000 යි. නමුත් මේ බස් එකක CIF (COST INSURANCE AND FREIGHT – මිල රක්ෂණය සහ ගැල් කුලිය) මිල ඇමරිකානු ඩොලර් 30,000 යි. නමුත් මේව ලංගමට බස් එකක් අරගෙන තියෙන්න මිල ඇමරිකානු ඩොලර් 40,000 යි. මේ අනුව රජය එක බස් එකකට ඇමරිකානු ඩොලර් 10,000 ක් වැඩිපුර ගෙවලා. ඒ අනුව රුපියල් මිලියන 3080ක් ගියේ කොයි කුමාරිගේ ගිණුමට ද ?”

මේ අතර මෙම මහාපරිමාණ දූෂණයට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේද නම ගෑවී ඇති අතර තමන් එම වංචාවට සම්බන්ධ නොමැති බවත් ඒ පිළිබද සියලු තොරතුරු හෙළි කිරීමට තමන් සූදානම්ව සිටින බවටත් ප්‍රකාශ කර ඇති බවටද වාර්තා වේ. මෙම තොරතුරු දැනගැනීමෙන් පසුව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද දැඩි ලෙස කැළඹීමට පත්ව සිටින බවද එජාප ප්‍රබලයෙකු හරහා මෙම චෝදනාවෙන් ගැලවීමට උත්සහා දරමින් සිටින බවද එජාප අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

Related posts

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday

’’මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න’’ – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව – ප්‍රතිඵලය මෙන්න

colombotoday

උදය ගම්මන්පිලට අගමැති රනිල්ගෙන් තෑග්ගක්

colombotoday

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday

අලි සබ්‍රිගෙන් අන්තර්ජාල පලකිරිම්වලට සීමා ගෙනෙන පනත් කෙටුම්පතක්. | දිලිත් ජයවීරගේ පුවත්පත වාර්තා කරයි.

colombotoday