Colombo Today Local News

ලංකාවේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න නෝර්වේ මැදිහත් වෙයි ! උපදෙස් දෙන්න නෝර්වීජියානුවෙක් හෙට දිවයිනට එයි

srilanka

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය ව්‍යවස්‌ථාමය වෙනස්‌කම් කිරීම සඳහා විදේශ විශේෂඥ සහාය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක විශේෂඥයන් පිරිසකට රජය ආරාධනා කර ඇති අතර ඒ අනුව නෝර්වේ රාජ්‍යයේ විශේෂඥයකු හෙට (7 දා) මෙරටට පැමිණීමට නියමිතය.

මෙම ව්‍යවස්‌ථාමය වෙනස්‌කම් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති කැබිනට්‌ අනුකාරක සභාවට මෙම විදෙස්‌ විශේෂඥ යෝජනා ලබාගෙන වඩාත් සුදුසු යෝජනා රැගෙන රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට්‌ අනුකමිටුවේ සාමාජිකයකු වන ඇමැතිවරයෙක්‌ ‘දිවයින’ ඉරිදා සංග්‍රහය’ට පවසා ඇත.

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමේදී මනාප ක්‍රමය අහෝසි කිරීම, කොට්‌ඨාස මිශ්‍ර ක්‍රමය ඇති කිරීම හා සුළු පක්‍ෂවලට අසාධාරණයක්‌ ඇති නොවන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය නිර්දේශ හා උපදෙස්‌ ද මෙම කමිටුවට විදෙස්‌ විශේෂඥයන් විසින් ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් යුත් කැබිනට්‌ අනුකාරක කමිටුවට නිමල් සිරිපාල ද සිල්වා, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, සුසිල් ප්‍රේමජයන්ත, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික, විඡේදාස රාජපක්‍ෂ, ඩී. එම්. ස්‌වාමිනාදන්, මනෝ ගනේෂන් හා මලික්‌ සමරවික්‍රම යන ඇමැතිවරු සාමාජිකයන් ලෙස පත්කර ඇත.

Related posts

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට

Admin

රිෂාඩ් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නීතිපති CID ප්‍රධානියා ව කැඳවයි

colombotoday

“මම දුක් මහන්සියෙන් දියුණු වූ මිනිහෙක්.. ගම්මන්පිලට හොද පාඩමක් උගන්වනවා“ – රවී

colombotoday

මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. මේ එංගලන්ත රජ පවුලද ? මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි

colombotoday

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday

දිවයිනට පැමිණි IMF කණ්ඩායමක් ජනපති හමුවෙයි

Admin