Colombo Today Sports News

ලංකා තරඟ සංචාරය අභියස තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට කොරෝනා

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක අබු ජයිඩ් කොරෝනා වෛරසයට ගොදුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය අරමුණු කර ගනිමින් එරට ක්‍රිකට් ක්‍රීඩකයින් යොමු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයක දී යි මේ බව තහවුරු වී ඇත්තේ.

ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් වන 27 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ මූලික සංචිතයට ද ඔහු නම් කර තිබෙනවා.

ලබන 27 වනදා ඔවුන් ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇති නමුත්, නිරෝධායන කාලසීමාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය නිසා මේ වන විට තරගාවලිය පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකයි.

මේ අතර, කොරෝනා වෛරසයට ගොදුරු වී සිටි බංග්ලාදේශ ක්‍රීඩක සයිෆ් හසාන් මේ වන විට සුවය ලබා ඇති බව සදහන්.

Related posts

ශ්‍රී ලංකාව පළමු දිනය අවසන්වන විට කඩුලු 04කට ලකුණු 321යි

colombotoday

LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

colombotoday

T-20 කාන්තා ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවට

colombotoday

අයි.සී.සී. සභාපති ධුරයට ගංගුලි සුදුසු බව සංගක්කාර කියයි

colombotoday

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට දසුන් නායකත්වයෙන් ඉවතට?

Admin

කුසල් පෙරේරා, චාමර සිල්වා ඇතුළු සගයන් කිහිපදෙනෙක් පොලිසියට?

colombotoday